-
ලෝක ග්ලුකෝමා සතිය – (මාර්තු 06 සිට 12 දක්වා)
-
ලෝක දියවැඩියා දිනය නොවැම්බර් මස 14 වැනි දා…….
-
ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 දින….World AIDS Day 1st of December
-
1929 Ayurveda Cakrawarti Pandith G.P. Wickramarachchi commenced the Gampaha Sidayurveda Vidyalaya with 20 students.
-
ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා…

මෙම ලිපියේ අරමුණ වන්නේ ලොක ඉතිහාසය තුල සෞඛ්‍ය සේවා සපයන ආයතන ගත්විට පැරණිතම ආයතන බිහිවු නොඑසේනම් විධිමත් රෝහල් ගොඩනැගිමේ ආරම්භය සිදුවු ස්ථාන පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරිමයි. ඒ අනුව මිහින්තලා රෝහල, මැදිරිගිරි රෝහල සහ පොළොන්නරු රෝහල පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ඇත. …

වඩා වැදගත් වන්නේ බටහිර විද්‍යාව විසින් ලොව පුරා පතුරුවා හරිනු ලැබූ විවිධ න්‍යායයන් බිහිවිමටත් බොහෝ පෙර පෙරදිග ශාස්ත්රඥයින් විසින් ලොවට ඉදිරිපත් කර ඇති ආයුර්වේද හෝ දේශිය වෛද්‍ය ක්‍රමය සහ එහි භාවිතා කරනු ලබන ඖෂධ අදද එපරිද්දෙන්ම භාවිතා කිරීමයි. තවද ඒවා අදද නොනැසි පවතින්නේ එවායේ සාඵල්යත්වය ප්‍රායෝගිකව තහවුරු වි ඇති නිසාවෙන් බව පිලිගැනීමට සිදුවේ.
එනමුත් විටින් විට බටහිර දැණුම විසින් ආයුර්වේද සහ දේශිය වෛද්‍ය ප්‍රතිකාර අභියෝගයකට ලක් කරනුයේ එම ප්‍රතිකාර බටහිර විද්‍යාවේ මිණුම් දඩු වලට ග්රහනය නොවිම නිසාද නැතිනම් වෙන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. …

මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන් ආලෝකවත් වන්නේය. රැකියාවේ තත්ත්වය මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂා තීරණය වන්නේය. මේ නිසා ජන්මියාගේ රැකියා …

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තර්පණ/වෘංහණ ප්‍රතිකාර ක්‍රමය(සිරුර පෘෂ්ඨිමත් කිරීම) සහ අපතර්පණ/ලංඝන ප්‍රතිකාර ක්‍රමය (සිරුරු ගත ආමය පැසවීම) යන ප්‍රධාන චිකිත්සා ධාරා දෙක ඔස්සේ සිදු කරනු ලබන්නකි. මෙම ක්‍රමවේදයේදී වෘංහණ ප්‍රතිකාරය සඳහා රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) චිකිත්සාවද ලංඝන ප්‍රතිකාර සඳහා ශෝධන(Purifying) ශමන(Alleviative) ප්‍රතිකාරයද භාවිතා කෙරේ. ශමන ප්‍රතිකාර සිදුකිරීම දීපන, පාචන, ක්ෂුත්, තෘට්, ව්‍යායාම, ආතප, මාරුත යන ක්‍රම ඔස්සේ සිදු කරන අතර ශෝධන ප්‍රතිකාරය සිදු කරනුයේ නස්‍ය, වමන, විරේචන, වස්ති සහ රක්තමෝක්ෂණ යන චිකිත්සාවන් පහ (පංචකර්ම චිකිත්සා)මගිනි. …

මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891(අඩි 6200) ක මට්ටමේ පිහිටා ඇති මෙම සුවිශේෂි ඔසු උයන ඉහල කඳුකර වනාන්තර කළාපයට ආවේනික ඖෂධ පැලෑටි මෙන්ම ඉන්දියාවේ හිමාලය වැනි කඳුකර වනාන්තර වල පමණක් දැක ගත හැකි දුර්ලභ ඖෂධ වර්ගද ආදර්ශක වලින්ද පොහොසත්ය. හුදු නිරික්ෂණයට පමණක් සීමා නොකොට අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇති ආකාරයට මෙම ඔසු උයන සැකසීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙම ඔසු උයන වටිනා සහ දුර්ලභ ඖෂධ පැලෑටි පිළිබඳව අධ්‍යයයන කටයුතු සිදුකරනා වෛද්‍යවරුන්ට, පර්යේෂකයන්ට පමණක් නොව ස්වභාව සෞන්දර්ය ආශ්වාදනය කිරීමට කැමති ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත්වන්නේ එබැවිනි …

2012 රෝහල් වාර්ථා අනූව රෝහල් වල සිදුව ඇති සමස්ථ මරණ වලින් 75% වාර්තා වි ඇත්තේ බො නොවෙන රොග හේතුවෙනි. එයට 40% හෘද් රෝගත්, 10% ක් පිළිකා රෝගත්, 8% කාලීන ශ්වසන රෝගත්, 7%ක් දියවැඩියාව රෝගයත් හේතුවි ඇති බව සමික්ෂණ තුලින් තහවුරු කර ගෙන ඇත. වඩාත් බියකරුම සිහිනය වන්නේ 2030 වසර වන විට පිළිකා රෝගය හේතුවෙන් මියයන ප්‍රමාණය 30% දක්වා වැඩි විය හැකි බව පුරෝකථනය කර තිබීමයි. එසේම 2030 වසර වන විට මෙරට සමස්ථ ජනගහනයෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම දියවැඩියාව වැළඳිමේ හැකියාව පවතින බව එම පුරෝකථන වාර්ථා වලම දක්වා ඇත. …

It is important to have a strong and healthy hair for the beauty of any person despite male or female. There are a number of important facts disclosed in ancient secretes about beauty culture in Ayurveda, with regard to maintaining …

සියළුම සත්වයින්ට මනසක් ඇත. නමුත් මිනිසා නැමති සත්ත්වයාට ඇති මනස අන් සියළුම සතුන්ට ඇති මනසට වඩා උසස්ය. දියුණුය. ක්රියාශීලිය. අනෙකුත් සතුන්ට නොහැකි වුවත් මිනිසාට තමාගේ මනස වර්ධනය කර ගත හැකිය. වනචාරි ව විසු මිනිසා ක්‍රමක්‍රමයෙන් තමාගේ මනස දියුණු කර ගැනිමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ථමානයේ සිටිනා තැනට පැමිණ ඇත. අනාගතයේදී මෙතැනින් තවත් තැනකට යනු ඇත. මෙම මනසේ ගුණය නිසා අනාගතයේදි මිනිසා කෙබදු ස්ථානයක කෙබදු ආකාරයකින් සිටි දැයි කිව නොහැකිය. …

උපායශීලී, දක්ෂ, කාර්යශූර අය බොහොමයක් මේෂ ලග්න හිමියන් වේ. සෑම විට ම ඉදිරිගාමීය. ලග්නාධිපති කුජට ඇති ඤාණකාරක ගුණය නිසාම වහා වැටහෙන සුළු නුවණක් සහිතය. නව නිර්මාණකරණයට දැඩි රුචිකත්වයක් ඇති අතර ජයග්‍රහණයේ අයිතිය තහවුරු කරගැනීමට අතිශයින්ම කැමතිය. සෘජු අදහස් ඇති නිදහස ප්‍රිය කරන අයෙකි. කුජගේ ඇති දැඩි බව නිසාම ඉවසීමේ ගුණය අවම වන අතර සටන්කාමීය. තම හිතවතුන්ට පක්ෂව ක්‍රියාකරන අතර විරුද්ධවාදීන්ව දුරුකර දමන්නේය. සටනින් හෝ විරුද්ධවාදීන් එළවා දමයි. …

මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උදෑසනට විලුඹ බිම තැබීමට නොහැකි වන තරමේ අධික වේදනාවක් ඇතිවීමයි. රෝගීන් පවසන්නේ යටිපතුලේ අභ්‍යන්තරයට ඉඳිකටු වලින් අනින්නාක් බඳු දැනීමක් ඇති වන බවයි. මෙම රෝග තත්ත්වයෙන් පිඩා විදින අයවලුන් සියල්ලෝම උදැසනට අවදිවු පසු ඇඳෙන් බැස තම පළමු පියවර කිහිපය තබන්නේ ඇඳ විට්ටම අල්ලාගෙන හෝ නැතිනම් බිත්තිය අල්ලාගෙන හෝ නැතිනම් කොර ගසමින්ය. ආරම්භයේදී එසේ අපහසුවෙන් හෝ පියවර කිහිපයක් ඇවිද ගිය පසුව ඔවුන් පිඩා විදිනා ඇවිදිමේ අපහසුතාවය සහ යටිපතුලේ වේදනාව තාවකාලිකව සමනය වන නමුත් එයට නිසි ප්‍රතිකාරයක් සිදු නොකර සිටිමෙන් කාලයක් ගත වන විට දවස පුරාම ඇවිදිමේ අපහසුව සහ විලුඹ ප්‍රදේශයේ වේදනාව සහ ශෝථය පැවතිමේ අවස්ථාවට පැමිනේ. …