
විශේෂයෙන් කොළඹින් ඇතට යන්න යන්න ජනතාවට වැඩිම සේවයක් සපයන්නේ ආයුර්වේද රොහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා බව සත්‍යකි. එම රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලා වල තතත්වයන් දියුණු කර තව තවත් රෝහල් සහ බොහෙත් ශාලා ඇති කල හැකි නම් එය ජාතික ආර්ථිකයටත් ප්‍රජාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් ඉතාම වටිනා ආයෝජනයක් වන බව නොඅනුමානය. රටට අවශ්‍ය තරම් පුහුණු ආයුර්වේද වෛද්‍ය සම්පත පවති .අවශ්‍ය කරන්නේ යටිතල පහසුකම් සහ භෞතික සම්පත් ඇතිකිරීම පමණි. බටහිර ඖෂධ ගෙන්වීමට යන වියදම හා සැලකීමේදී ඉතාම අඩු ප්‍රතිශතයක් පමණක් ආයුර්වේද ඖෂධ සඳහා වියවෙන්නේ. කිසිදු අංශයක් වෙත ඉතා සුළු ප්‍රතිපාදන පුමාණයක් වෙන් කර ඉතා ඉහල සේවාවක් බලාපොරෝත්තු විය නොහැකි සේම එසේ බලාපොරොත්තු විමත් අසාධාරණයි.
ඕනෑම අංශයක පරිපාළන කටයුතු සඳහා පත්විය යුත්තේ අදාල විෂය ගැන දැණුමැති එම විෂයේම නියුතු අයවළුන්ය. එය ආයුර්වේදයටත් පොදුය. නමුත් ආයුර්වේද ක්ෂේත්රයේ තිබෙන බහුතර පරිපාළන තනතුර වලට පත්වී සිටින්නේ සිවිල් සේවයේ නිළධාරින් වේ. එම තනතුරු වලට පත්විය යුත්තේ ආයුර්වේද වෛද්‍යවරුන්මයි. …

ආයුර්වේදයේ ශල්‍ය කොටස ධන්වන්තරී සෘෂී පැවසු ආකාරයටත් ශාලාක්‍ය කොටස් වේදේහ රටේ රජු වු ජනක රාජශ්‍රී පැවසූ ආකාරයටත් ගොඩ නැගී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මේ සමගම ආයුර්වේද ශල්‍ය අංශයේ ආදිකතෘවරයා සුශ්‍රැත ආචාර්යවරයා බවට පත්වන විට ශාලාක්‍ය අංශයේ අදිකතෘවරයා බවට නිමි (ජනක රාජශ්‍රී) ආචාර්යවරයා පත්වීමයි. ශාලාක්‍ය කියන වචනයට තනි ඉංග්‍රිසි වචනයක් හෝ විෂයයක් පිළිබඳව තොරතුරක් වත්මන් ඉංග්‍රිසි ශබ්දකෝෂයන්හි සඳහන් නොවේ. ශාලාක්‍ය යන වචනය තරමක් ව්‍යාප්ත වු අදහසක් තියෙන වචනයක් බව තේරුම් ගත යුතුය. …

According to modern medicine glaucoma is one of the crucial and critical conditions occurring in eye. Glaucoma has been called the “silent thief of sight” because the loss of vision often occurs gradually over a long period of time, and …
Headache can be a sign of different troubles. Frequent headaches gravely affect the quality of life of millions of sufferers. Out of every type, tension headaches are the most extensive type of headache. Migraine is the second most universal kind …
සුශ්‍රැත සංහිතා උත්තර තන්ත්ර විසිපහ සහ විසිහය අධ්යායයන් දෙක පිළිවෙලින් ශිරෝරෝග විඥානීය අධ්‍යායය සහ ශිරෝරෝග ප්රතිෂේධ අධ්‍යායය යන අධ්යායයන් දෙක වේ. මෙම අධ්‍යායන් දෙකෙහි අඩංගුව ඇත්තේ ආයුර්වේදය විසින් හදුනා ගෙන ඇති සියළුම ශීර්ෂ රෝග සහ ඒවායේ ලක්ෂණද එසේම ඒවා සදහා …
උරහිස් ප්‍රදේශයෙන් ඉහල එනම් ගෙල සහ හිස අශ්‍රිතව ඇති සියළුම ඉන්ද්‍රියන්ගේ ඇතිවන්නාවූ රෝගයන් ඒවාට සිදුකරණ ප්‍රතිකාරයන් ඇතුලත් වන්නේ අශ්ඨාංග ආයුර්වේදයේ ශාලාක්‍ය නම් වූ කොටසටය. ඇස, කණ, නාසය, මුඛය, උගුර හා හිස යන තැන්හි ඇතිවන රෝගාබාධ මෙයට ඇතුලත්ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ENT සමාන වනුයේ ශාලාක්‍ය විෂයට නොවේ. එහි ඇත්තේ උගුර, කණ හා නාසය රෝග පමණි. ඇස හා මුඛය පිළිබදව වෙනම බටහිර වෙදකමේ දක්වා ඇත. එනමුත් ආයුර්වේදය මේ සියල්ලම එක විෂයක් තුලට කැටිකර ඇත්තේ මේ ඉන්ද්‍රියන් සියල්ලේම සමවායි සම්බන්ධයක් ඇති බැවිනි. සිරුරේ ඉතාම සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් කටයුතු කරන ශාලාක්‍ය තන්ත්රය තුල ඇති ප්‍රතිකාරයන් විශ්මයජනකය. බටහිර වෙදකමේ ඉතා නවීන උපකරණ භාවිතයෙන් සිදුකරණ පරීක්ෂණ හා ප්‍රතිකාරයන්ට නොදැවෙනි ප්‍රතිකාරයන් ශාලාක්‍ය තන්ත්රයේ ඉගැන්වේ.
නූතන තාක්ෂණය කවුරුන් ලොවට දායාද කලද ඒවා යොදා ගනිමින් නවීන උපකරණ තැනුවා වුවද සියළුම උපකරණ නිර්මාණයේ මූලික සංකල්පයන් හා පදනම සොයාගෙන ඇත්තේ ආයුර්වේදයෙන් බව ශාලාක්‍ය විෂය පරිශිලනයෙන් පැහැදිලි වේ.