
මෙම ලිපියේ අරමුණ වන්නේ ලොක ඉතිහාසය තුල සෞඛ්‍ය සේවා සපයන ආයතන ගත්විට පැරණිතම ආයතන බිහිවු නොඑසේනම් විධිමත් රෝහල් ගොඩනැගිමේ ආරම්භය සිදුවු ස්ථාන පිළිබඳව පාඨක ඔබව දැනුවත් කිරිමයි. ඒ අනුව මිහින්තලා රෝහල, මැදිරිගිරි රෝහල සහ පොළොන්නරු රෝහල පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ඇත. …

පොළොන්නරු යුගය……. පොළොන්නරුවේ අසහාය පාලකයා වු පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රිව 1154 – 1186) කුඩා කාලයේ දි ඔහුගේ ප්‍රතිවාදියා වු ගජබාහු ගේ තොරතුරු සෙවීම පිණිස චරපුරුෂයන් යෙදවීය. මොවුන් අතර විෂ වෙදකම, රස ක්‍රියාවෙහි (රස – රසදිය, ගෙන්දගම්, වච්චනාවි (ඤාණවිමල හිමි, …

භාරතීය ආයුර්වෙදයට සමාන ලක්ෂණ ඇති නමුත් ඉන් බැහැර වු දේශීය චිකිත්සාව ලෙස අදහස් කරනුයේ ශ්‍රී ලංකාවේදී ම ප්රභවය වී විකාශනය වුවකි. මෙම ආයුර්වෙදය හිමවතෙහි පැවති සෘෂී සම්මේලනයෙන් පසුව ආරම්භ වු බව සඳහන් වේ. එහෙත් ලංකායුර්වේදය හෙවත් දේශීය චිකිත්සාවේ ආරම්භය කොතැනකදැයි කිව නොහැකි තරම්ය. සෘෂි සම්මේලනයට ශ්‍රී ලංකාවේ සිට ත්‍රිවේද පරප්රාප්ත පුලස්ථී සෘෂිවරයා සහභාගි වූ නිසාවෙන් ඒ වන විටත් ශ්‍රී ලංකාවේ දේශීය චිකිත්සා ක්‍රමයක් තිබු බව ප්රත්යක්ෂ වේ. …

මිහින්තලා කඳු පාමුල පළමුව රෝහලක් ඉදිකරන ලද්දේ දෙවැනි පැතිස් රජු (ක්‍රි .පූ 250-210) විසින් යැයි ඓතිහාසික මතයක් ඇත. නමුත් අද නටඹුන් හමුවන රෝහල් සංකීර්ණය ආශ්‍රිතව සිදුකර ඇති කාල නිර්ණ ගණනයන්ට අනූව සහ එම ප්‍රදේශයෙන් හමුවී ඇති ලිඛිත සාක්ෂි අනූව (මිහින්තලා පුවරු ලිපි 1-2 සහ මිහින්තලා ගිරි ලිපි) ක්‍රි.ව 853-887 අනුරාධපුර රාජධානියේ රජ කල දෙවැනි සේන රජුගේ කාලයේදී මෙම රෝහල ඉදිකර ඇතැයි තහවුරු කෙරි ඇත. …

එහෙත් සිද්ධ වෛද්‍ය සම්ප්රදාය නිර්මාතෘ වරයා යැයි දක්ෂිණ භාරතීයයන් සලකන්නේ ශිව දෙවියන්වය. සිද්ධ වෛද්‍ය සාහිත්‍යයට අනූව ශ්‍රව දෙවියන් විසින් තමන් විසින්ම අවබෝධ කරගත් එම වෛද්‍ය ක්‍රමය පාර්වතියට උගන්වා තිබේ. ඕතොමෝ ශිවගේ භාර්යාවයෝය. නන්දිදේව පර්වතියගෙන් එය හදාරා ඇත. අගස්ති මුනිවරයා එය උගෙන ගෙන ඇත්තේ නන්දිදේව දේවයාගෙනි. …
බොහෝ රෝගයන් පිළිබදව ආයුර්වේදයේ සදහන් වන තොරතුරු අතර එම රෝගයන්ගේ උත්පත්තිය පිළිබදව වන්නාවූ විචිත්‍ර නිදාන කථාවන්ද වන්නේය. එම නිදාන කථාවන් බොහෝ විට හින්දු දේව සංකල්පයන් සම්බන්ධ කර ගනිමින් නිර්මාණය වි තිබෙනු පොදුවේ දැක ගත හැකි තත්ත්වයකි. ආයුර්වේද සාහිත්‍යය පෝෂණය වීම …

මෙරට සුදු අධිරාජ්‍යවාදින්ගේ පාලනය මනාව ස්ථාපිතව පැවති දහනම වැනි සියවසේ අගභාගයේදි සියැනෑ කොරළයේ හෙනරත්ගොඩ ග්‍රාමයට නුදුරු රතුපස්වල නැදුන්ගමුව ග්‍රාමයේදී වෙළුන් පෙරේරා නම් වු වෛද්‍යාචාර්යතුමාගේ නිවසේදී පින්වන්ත වූත් ප්‍රඥාවන්ත වුත් පුත් කුමාරයෙක් මෙළොව එළිය දකින්නේ වෙළුන් පෙරේරා වෛද්යාචාර්යතුමාටත් එම මැතිණියටත් දාවය. …
අනුරාධපුර යුගය ලිඛිත සාක්ෂි නොමැති වුවත් දේශීය චිකිත්සාවේ ආරම්භය විජය රජතුමාගේ කාලයටත් වඩා පැරණි යුගයට අයත්වන බව විදවතුන්ගේ මතයයි. පසු කාලීනව රචනා වූ ඉතිහාස සහ අනෙකුත් ශාස්ත්‍රීය ග්රන්ථ වල එම තොරතුරු පිළිබදව යම් යම් අදහස් ඉදිරිපත් කර ඇත. මිනිසාට කථන …
පුරාණ භාරතයේ බිහිවු විවිධ දර්ශනවාදයන් අතරින් ආයුර්වේදය වූකලි ඉතා ඉහල ප්‍රසිද්ධියක් අත්කර ගත්තාවූ අපූර්වතම දර්ශනයකි. වසර පන්දහසකටත් වඩා පැරණි ඉතිහාසයක් උරුම වූ ආයුර්වේදයට ආරම්භයේ සිටම වර්ධනය වූ අනන්‍ය සාහිත්‍යයක්ද වූයේය. භාරත දේශයට පමණක් කේන්ද්‍ර නොවී ආයුර්වේදය ව්‍යාප්ත වූ අනෙකුත් පරිධියේ රටවල් තුලින්ද මෙම ආයුර්වේද සාහිත්‍යයය පෝෂණය වූ බව පෙනේ. හින්දු ආගමේ ඉගැන්වෙන මූලික දේව සංකල්ප අනුසාරයෙන් ආයුර්වේදයේ ලොව බිහිවීම විමැසූ පුරාණ හින්දු ආයුර්වේදඥයින් ඒ ඇසුරෙන් ආයුර්වේද සාහිත්‍යයක්ද ගොඩනැංවීම සිදුකලේ ආයුර්වේදය තම මුක්තියට සවි කර ගනිමිනි. ආයුර්වේද ඉතිහාසයත් සාහිත්‍යයත් යන දෙකම කියවන්නන්ට එම නිසා සැම විටම තම ඇරඹුම් ස්ථානය ලෙස පිළිගන්නට වන්නේ හින්දු ආගමික දෙවියෙකු වන මහා බ්‍රහ්මයා ආයුර්වේදය ශ්ලෝක ලක්ෂයකින් පැවසු බව සදහන් සිදුවීමයි.