බොහෝ රෝගයන් පිළිබදව ආයුර්වේදයේ සදහන් වන තොරතුරු අතර එම රෝගයන්ගේ උත්පත්තිය පිළිබදව වන්නාවූ විචිත්‍ර නිදාන කථාවන්ද වන්නේය. එම නිදාන කථාවන් බොහෝ විට හින්දු දේව සංකල්පයන් සම්බන්ධ කර ගනිමින් නිර්මාණය වි තිබෙනු පොදුවේ දැක ගත හැකි තත්ත්වයකි. ආයුර්වේද සාහිත්‍යය පෝෂණය වීම …
මූලාරම්භයේ සිටම වෛද්‍ය සම්ප්‍රදායන් දෙකක් යටතේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය දියුණවු බව ආයුර්වේදයේ ආරම්භය විමර්ශනය කිරීමේදි හදුනා ගත හැක. ආත්‍රේය මහාසෘෂිවරයාගෙන් ඇරඹි ගුරුකුලය සහ ධන්වන්තරී සෘෂි ගුරුකුලය යන ප්‍රධාන ගුරුකුල දෙක මත පදනම්ව මෙම බෙදීම සිදුවු බව පෙනේ. රාජසෘෂි ධන්වන්තරීහුගෙන් ශිල්ප …
භාරතයේ උපන් විවිධ ශිල්පයන් අතර ආයුර්වේද ශාස්ත්‍රයද ඉහලින්ම වැජඹේ. එම සියළුම ශිල්ප සහ විද්යාවන්හීම මුල් අයිතිය සහ ගරුත්වය තමන්ගේ හින්දු ධර්මයට අනුව ලොක පාලක ත්‍රීමූර්තිය (බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර) වෙත ලබාදීමේ දැඩි අවශ්‍යතාවයක් සහ නැඹුරුවක් පුරාතණයේ විසු බ්‍රහ්මණ පඬිවරුන් තුල විද්‍යමාන …

නගා මැරූ අල යන නාමය මෙම ශාකයට ලැබෙන්නේ කෙසේදැයි යන්නට මෙරට ආයුර්වේද සාහිත්‍යය තුලින් යම් හෝඩුවාවක් ලැබේ. ආයුර්වේද සාහිත්‍යයට අනූව නගාමැරූ අල යන නාමය මෙම ශාකයට ලැබෙන්නේ ඉතිහාසයේ සිදුවුවා යැයි සඳහන් වන එක් අවාසනාවන්ත සිදුවීමක් පාදක කරගෙනය. …
ආයුර්වේදය ආරම්භය සිදුවු ආකාරයම සාහිත්‍යයය රසයෙන් අනූන සිදුවීම් දාමයක් ලෙස මූල ග්රන්ථ වල විස්තර කර ඇත. හින්දු දේව සංකල්ප ඇසුරෙන් ගොඩ නැගූ ආයුර්වේදයේ බිහිවීම භාරතීය සහ විදේශීය කතුවරුන් තම ලේඛන වල වර්ණනා මුඛයෙන් දක්වා ඇත. ආයුර්වේදය තමන් සතු කර ගැනීමේ අරමුණෙන් භාරතීය හින්දු පඩිවරුන් තම ආගමික විශ්වාසයන්ගේ යම් සිදුවීම් තුලට ආයුර්වේදය රිංගවීමට කටයුතු තර ඇත. එතුලින් භාරතයේ වෙනම ආයුර්වේද සාහිත්‍යයක් ගොඩනැංවීමක් සිදුවිය. එයට අමතරව විවිධ ආයුර්වේද පඩිවරුන් තම ශක්ති ප්‍රමාණයන්ගෙන් ආයුර්වේදය ග්‍රන්ථාරූඪ කිරිමක්ද සිදුකරණ ලදි. එතුලින් ආයුර්වේදය නොනැසි පැවතීමට පදනම වැටුනා සේම ආයුර්වේද සාහිත්යයයද පෝෂණය විය. භාරතයෙන් පිට (ශ්‍රී ලංකාව වැනි) ආයුර්වේද ග්රන්ථ රචනා වූ අතරම දේශිය ඇදහිලි හා විශ්වාස තුලට ආයුර්වේදීය සංකල්ප මුහු කරගනිමින් දේශිය ආයුර්වේද ජන සාහිත්‍යයක්ද මෙරට තුල ස්ථාපිත වීම සිදුවිය. පුරාණයේ සිට අද දක්වාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සමගින් මෙම ආයුර්වේද සාහිත්යයයද නොබිදී පැමිනීමෙන් මෙම අංශ දෙකෙහි ඇති බැදීම පැහැදිලි වේ.