අප ගනු ලබන්නා වු ආහාර නිසි පරිදි දිරවීමෙන් පසු සිරුරට උරා ගන්නා සාරවත් කොටසින් මෙම රස ධාතුව නිර්මාණය වේ. රස ධාතුව බවට පරිනත වන ක්‍රියාවලිය අක්මාවේදි සිදුවුවත් රස ධාතුවේ නිවාස ස්ථානය හෘදය යැයි ආයුර්වේදයේ පිළිගැනීමයි. හෘදයේ සිට ධමනි මගින් මුළු සිරුරේම ගමන් කරන රස ධාතුව අනෙක් සියලු ම ධාතුන් ද පෝෂණය කරයි. …

“ප්‍රාණින්ගේ ප්‍රාණය ආහාරයයි. මෙබඳු ආහාරය අයුක්තියෙන්/වැරදි අයුරින් සේවනය කිරීමෙන් ප්‍රාණය නැසේ. ප්‍රාණය පවා ප්‍රහරණය කරන්නාවු වසවිස පවා යුක්ති පෙරටුව ප්‍රයෝග කළ විට රසායන/ජරා ව්යාධිනාශක ව සිටි. ඒ ආකාරයෙන් යුක්ති යුක්ත මද්‍ය පානයෙහි නියැලෙන්නා හට මද්‍යයෙන් උපදනා රෝගයෝ ඇති නොවෙත්.”විධිසේ සුදුසු ප්‍රමාණයට පානය කල මද්‍ය නිසා ඇතිවන මදයේදී තරුණයන්ට හෝ මහල්ලන්ට හෝ උපදනා රතියට උපමා කල හැකි දෙයක් මිහිපිට නැති බව ආයුර්වේදයේ සඳහන්ය. එ අනූව මද්‍ය වල ඇති ප්‍රභලතාව සිතා ගත හැකිය. …

බටහිර විද්‍යාඥ විලියම් හාර්වි රුධිර සංසරණ පද්ධතිය සොයා ගැනීමට ශතවර්ශ ගණනාවකට පෙර සිරුර තුල රුධිරය ගමන් කරනා පද්ධතියක් නැතිනම් මාර්ගයක් ඇති බව ආයුර්වේද ආදි කතෘවරුන් තම මුල ග්රන්ථ වල ලියා තැබුහ. නූතන බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ආහාර ජීර්ණ පද්ධති, බහිස්‍රාවි පද්ධති, අන්තරාසර්ග පද්ධති, ශ්වසන පද්ධති සහ ස්නායු පද්ධති ඇතුළු සියළුම ශාරිරික පද්ධති පිළිබඳ විස්තර කිරිමට බොහෝ කාලයකට පෙර ආයුර්වේදය මේ සියල්ල පැහැදිලිවත් නිවැරදිවත් විස්තර කර දුන්නේය. ඒ ආයුර්වේදයේ විස්තර කෙරෙනා “ස්‍රෝතස” නම් වු ඉතාම වැදගත් න්‍යායාත්මක කොටස තුලිනි. …

ආයුර්වේදයෙහි වැසි ජලය හඳුන්වා ඇත්තේ “අන්තරික්ෂ ජලය” යන නාමයෙනි. වැසි ජලයට විශේෂිත රසයක් නැති/අව්‍යක්ත රසයෙන් යුක්ත බව දක්වා ඇත. තවදුරටත් දක්වා ඇත්තේ “වැසි ජලය අමෘතය හා සමාන” බවයි. ජීවනයට හිතකර බවයි. තෘප්තිය උපදවන බවයි. ධාරණය(අවි ගැටීම් ආදියෙන් වන වේදනා වලදි උපදනා මුසපත් බව) රැකිම, ආශ්වාසය (වියලුණු සිරුරු ඇතියවුන්ගේ සැඟවුණු පණ) උපදවාලීම. වෙහෙස නසන්නාක් මෙන්ම, ක්ලාන්ත, පිපාස, මත්බව, තන්ද්රා-නිද්‍රා-දාහ යන මේවාද ශමනය කරන බවයි. අතිශයින්ම පථ්‍ය වේ. වැසි දියෙහි කිසිදු ව්‍යාපන්න ජල දෝෂයක් නොපවතින හෙයින් එය විශිෂ්ඨ ද වේ. …

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන විවිද ශාරිරික ලක්ෂණ, ගුණාංග සහ මානසික තත්ත්වයන් ඇත. පුද්ගලයන් දෙදෙනෙකුට එකම ආකාරයේ ලක්ෂණ සහ ගුණ පවතින්නේ නැත. පුද්ගල ස්වභාවයන් භෞතික ස්වරුපයන් සහ චර්යාවන් සහ සිතුම්පැතුම් යන සියල්ල මැනිය හැකි එකම යන්ත්‍රයකින් ලොව පුරා වෙසෙන සියල්ලන්ම පරික්ෂා කලහොත් සියල්ලෝම මොනයම් අංශයකින් හෝ එකිනෙකට වෙනස් බව හඳුනා ගත හැකිය. …

ස්ත්‍රීසේවනය/පුරුෂසේවනය විෂයයෙහි සංවර වන අය ආයුෂමත්-ජරා රහිත-සුන්දර දේහ-බල-වර්ණ යන මේවායින් සමන්විතයෝ වන බව ආයුර්වේදය නැවතත් කියා සිටියි.අධිකව ස්ත්‍රිසේවනය/පුරුෂසේවනය හේතු කොට ගෙන සේවනය කරන්නාට මෙන්ම සේවනය ලබන්නාටද ශූල-කාස-ජ්වර-ශ්වාස-කෘශත්ව-පාණ්ඩු-ක්ෂය-ආක්ෂේපක ආදී රෝග ඇතිවන බව ආයුර්වෙද මතයයි. …

අප විසින්ම කලකදි අප ජාතියේ අමනෝඥබව නිසා භාවිතා නොකර අතහැර දමා සිටි අපේම චර්යාවන් සහ හුරුපුරුදු දැන් දැන් බටහිරෙන් අප ලද විශිෂ්ඨ දායාදයන් යැයි සිතමින් උජාරුවෙන් අනුගමනය කරන්නේ අපගේ සිත් තුල තවමත් පැල පදියම් වී ඇති කළු සුද්දන් විමේ නොනිමි ආශාව නිසාදැයි විමසා බැලිය යුතුය.අප සතු විශිෂ්ඨ වෛද්‍යක්‍රමයේ නිසි ඵල නෙලා ගත හැක්කේ මෙම වෙනස ඇති කර ගතහොත් පමණි. …
ආයුර්වේද වෛද්‍යක්‍රමයේ සංකල්ප සහ න්‍යායයන් පැහැදිලි කිරීමටද ආයුර්වේද වෛදයවරයා රෝගියාගේ ශරීර තත්ත්වයන් සහ රෝග තත්ත්ව පැහැදිලි කිරීමට යොදා ගන්නා විශේෂිත පාරිභාෂික වචන සමූහයක් ඇත්තේය. පෙරදිග ඉන්දියාවේ උපත ලැබූ ආයුර්වේදයේ ලිඛිත භාෂාව වන්නේ සංස්කෘතය වන බැවින් බොහෝමයක් සංස්කෘත වචන එපරිද්දෙන්ම වර්තමානයේදිද …
පුරාතන භාරතයේ විසු විවිධ මට්ටම් වල ප්‍රාඥයින් විසින් තමන්ගේ බුද්ධි ප්රමාණයන්ට සාපේක්ෂව වන පරිදි පරිකල්පනය කොට ලෝකය විග්රහ කර ගැනීමට පෙළඹුනහ. ලොව බිහිවීම හා එහි පැවැත්ම සේම ලොකයේ විනාශයද පුද්ගලයා පදනම් කර ගනිමින් ජීවින්ගේ බිහිවීමේ සිට ජීවිතයේ අවසාන අරමුණ වන්නාවු දෙය පවා මෙම පෙරදිග බුද්ධිමතුන්ට විෂය විය.
තම පාණ්ඩිත්වය හුදෙක් කියැවිමේන්හෝ පරිකල්පනයෙන් පමණක් ගොඩ නගා ගැනීමට සීමා නොවී අධ්‍යාත්මික ශක්තින් ආධාරයෙන්ද තම තත්ත්වයන් දියුණු කර ගැනීමට ඔවුන් කටයුතු කලහ. එකකට එකක් වෙනස් කියෑවීම් වලින් සමන්විත වුවත් බොහෝ වාදයන්ගේ අවසාන අරමුණ වූයේ එකකි. එයට එකල භාරතයේ දැඩිව මුල්බැසගෙන තිබූ හින්දු දහමේ බලපෑම හේතු වන්නට ඇත.කෙසේ වෙතත් ආයුර්වේදය යනු එකල බිහිවු විවිධ දර්ශනවාද වලින් පෝෂණය වී ගොඩනැගුනු වඩාත් පැහැදිලි හා සවිස්තරාත්මක දර්ශනයක් ලෙස දැක්විය හැක. වෛද්‍ය කර්මයක් ලෙස සැලකීමේදිද ආයුර්වේදය ලොව බිහිවු ප්‍රථම වඩාත් නිරවුල් හා අංගසම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රය බව පැවසීම නිවැරදිය.
එයට අනන්යැ වූ සංකල්ප හා න්යාගයන් ඇති අතර ඒවා නොදැන හෝ අවබෝධ කර නොගෙන ආයුර්වේදය තේරුම් ගැනීමට යාම අර්ථශූන්යඇය. ආයුර්වේදය ඉගෙනීමේ යතුර වන්නේ මේ සංකල්ප හා න්යා යයන් පිළිබද දැනුමයි.