
මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන් ආලෝකවත් වන්නේය. රැකියාවේ තත්ත්වය මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂා තීරණය වන්නේය. මේ නිසා ජන්මියාගේ රැකියා …

උපායශීලී, දක්ෂ, කාර්යශූර අය බොහොමයක් මේෂ ලග්න හිමියන් වේ. සෑම විට ම ඉදිරිගාමීය. ලග්නාධිපති කුජට ඇති ඤාණකාරක ගුණය නිසාම වහා වැටහෙන සුළු නුවණක් සහිතය. නව නිර්මාණකරණයට දැඩි රුචිකත්වයක් ඇති අතර ජයග්‍රහණයේ අයිතිය තහවුරු කරගැනීමට අතිශයින්ම කැමතිය. සෘජු අදහස් ඇති නිදහස ප්‍රිය කරන අයෙකි. කුජගේ ඇති දැඩි බව නිසාම ඉවසීමේ ගුණය අවම වන අතර සටන්කාමීය. තම හිතවතුන්ට පක්ෂව ක්‍රියාකරන අතර විරුද්ධවාදීන්ව දුරුකර දමන්නේය. සටනින් හෝ විරුද්ධවාදීන් එළවා දමයි. …

2009 – 2011 වර්ෂවල සෙනසුරු ග්‍රහයා ගෝචර ව ගමන් කළේ බුධ හිමි කන්‍ය රාශියේය. ශනි හෙවත් සෙනසුරුට බුධ මිත්‍රව ග්‍රහයෙකි. බුධට ශනි සම ග්‍රහයෙකි. කන්යව ශනිට මිත්‍ර රාශියකි. තව ද ශනි මේ වන විට ආරෝහණ ගමනින් කන්‍යාවට පැමිණ ඇත. මේ නිසා සෙනසුරුගේ බලවත්කම සාමාන්‍යයෙන් වැඩිය. 2011 සිට සිය උච්ච රාශිය වන තුලාවට යන බැවින් රජගෙදර පෙනි පෙනී සිටින සෙනසුරු තමන්ගේ කාරක අයිතීන් වර්ධනය කිරීම ආරම්භ කරයි. …

ලෝකය පුරා යුද ගිනිදැල් ඇවිලෙමින් භීතියෙන් දිවි ගෙවන සමයක් ව ඇත. ග්‍රහ ලෝකයේ ද මෙසේ යුදමය වාතාවරණයක් ඇති වී තිබේ. මෙම අවුරුද්ද පුරාවට සෞරග්‍රහ මණඩලයේ ග්‍රහ යුද්ධ 19ක් සිදු වන අතර මේ වනවිට එයින් 18ක් සිදුවී ඇත. දැන් ඉතිරිව ඇත්තේ …
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව ජ්‍යොතිෂ කරුණු පිළිබඳව කෙතරම් සංවේදී ව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමේදී අපගේ විමසුමු ඇස යොමු වන ප්‍රධාන කාරණයක් වන්නේ කෝණ මාසයයි. අකුරු ශාස්ත්‍රය නොදන්නා, හේනට පැලට යන ගැමියා කෝණ ලැබු බව කියයි. එමෙන්ම සුබ කටයුතු මේ …

පසුගිය දින කීපය පුරාම දිවයිනේ සෑම ප්‍රදේශයකට ම අධික වර්ෂාපතනයක් ඇද හැලුණු අතර ජල ගැලීම් ද ඇති වූ බව දක්නට ලැබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය තවත් දින කිහිපයක් පවත්නා බවයි. 2015 සැප්තැම්බර් 28 දින මේ වසරේ සිදුවන …

ලෝකයේ සම්පත් යන විශේෂණ පදය යොදමින් හඳුන්වන නම් ඇත්තේ ඉතාම සීමිත සංඛ්‍යාවකි. වන සම්පත, ජල සම්පත, දරු සම්පත ඒ අතර ප්රමුඛස්ථානයක් ගනී. දෙමව්පියන්ට දරු සම්පත තරම් වටිනා සම්පතක් නැති බව අවිවාදයෙන් පිළිගත යුතුය. එය එසේ වන්නේ මානව වර්ගයාගේ පැවැත්ම රඳා …
මේ වසරේ ඇතිවන ග්‍රහ යුද්ධ අතරින් 10 වැනි ග්‍රහ යුද්ධය අද පස්වරුවේ සිදුවිය. ඒ ග්‍රහ ලොව සුකොමලිය හා ප්‍රඥාවන්ත සුර ගුරු අතරය. 2015.07.01 දින ප.ව. 01. 22 ට පමණ මෙම ග්‍රහ යුද්ධය සිදු වුණි. කටක රාශියේ උච්චව සිටින ගුරු හෙවත් බ්‍රහස්පති …
විසිවැනි සියවසේ ඇරඹුමත් සමගම විවිධ වු දාර්ශනිකයින් සහ බුද්ධිමත්හු භෞතිකවාදය පරම සත්‍ය ලෙස ගනිද්දිත් මසැසැය නොපෙනෙන විවිධ වූ විද්‍යාවන් තවදුරටත් තම සමාජ භූමිකාව සුරැකිව තබා ගනිමින් සිටින්නේ කෙසේදැයි කිසිවෙකුටවත් පිළිතුරු නැත. අනන්තය තෙක් විහිදුනු විශ්වයේ කෙළවර සොයා ගැනීමට නොහැකිව ලතවන භෞතිකවාදය කරපින්නා ගත් නූතන පඩිවරුන්ට සූර්යයා ප්රමුඛ සෞරග්‍රහ මණ්ඩලයේත් එතැනින් එහාට විහිදුනු විවිධ තරු රටාවන්ගේත් චලනයන් මිනිසාට සහ පෘථිවියට බලපාන්නේය යන තර්කය අවඥාවට ලක් කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතියැයි අප විශ්වාස නොකරන්නෙමු. ජ්‍යොතිෂය විද්‍යාව යනු කිසිවෙකුටත් අභියෝග කල නොහැනි සුවිශේෂි ගණිතමය විද්‍යාවකි. එහි දිග පළල මැනීම හෝ එහි විශ්මිතභාවය මැනීමට හැකි කිසිදු සංවේදී උපකරණයක් මිහිපිට කිසිවෙකු විසින් මෙතෙක් නිපදවා නැත. ආයුර්වේදය සේම යෝග දර්ශනය සේම ජ්‍යොතිෂය විද්‍යාවද පෙරදිගයන්ගේ විශිෂ්ඨතම බුද්ධි මහිමයේ තවත් අග්‍ර ඵලයකි. වාණිජකරණය වි ඇති සමාජයක නොවිකුණු කිසිවක් නොමැති හෙයින් ජ්‍යොතිෂය විද්‍යාවද එහි පාරිශුද්ධත්වයට තරම් නොවන අරමුණු වෙනුවෙන් විකිණෙනු දැකගත හැක. එහෙත් එය ජ්‍යොතිෂය විද්‍යාවේ අකලංකභාවයට ගැටළුවක් නොවන්නේ ජ්‍යොතිෂය විද්‍යාව යනු විශ්ව ශක්කිය පිළිබද ඉගැනිවීම වන බැවිනි.