
කංසා ආහාරයට ගැනීමෙන් බුද්ධිය වර්ධනය වේ. ප්‍රඥාව දියුණුවේ. ධාරණ ශක්තිය ලැබේ. නිර්මාණ කුසලතා වැඩි දියුණු වේ. මේ සියල්ල කංසා ඖෂධයේ ඇති ගුණ වේ. මේ සියල්ල සිදුවන්නේ නම් ඔහුට හෝ ඇයට තුන්ලොව ජය ගැනීම අපහසු නොවන්නේය. කංසා සඳහා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර යන පර්යාය නාමය බැදී ඇත්තේද එබැවිනි.

සුවිශේෂි සංකල්ප හා මුලධර්ඹ ඇති ආයුර්වේදයේ මාර්ගෝපදේශයන් අනුගමනය නොකර සකසනු ලබන ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ හෝ ප්‍රතිකාරයන් වෙත යොමුවී ඒවායින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලද කල්හී සමස්ථ ආයුර්වේදයටම ගැරහීම හෝ අපහස කිරීමට පෙළඹි සිටින අයුරක්ද අපට දක්නට ලැබේ. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් සිදු කරන ශුද්ධ ආයුර්වේද ප්‍රතිකාරයන් තුල ඇති සාර්ථකභාවය ස්ථිර අතර එවැනි ස්ථිරත්වයක් අත් පත් කර ගත හැක්කේ මෙවැනි සුවිශේෂි අංශ කෙරෙහිද අවධානය යොමුකර නිශ්පාදනය කරණ ඖෂධ යොගයන්ගේ සහයද ලබා ගත් විට කිව යුතුය. …

මේ දිනවල වඩාත් ජනප්‍රියම ශාකය කුමක්දැයි මත විමසුමක් කලහොත් බොහෝදෙනා වල්ලාපට්ටා යන නාමය පවසනවා ඇත. එහෙත් ඒ බහුතරයම නිවැරදිව මෙම ශාකය ගැන දැනුවත් බවක් නැති බව නම් ඒහා සමානවම පැහැදිලිය. අපගේ උත්සහය වන්නේ වල්ලාපට්ටා ශාකය ගැනත් එහි උපයෝගිතාවයත් නිත්‍යානුකූලව ක්‍රම මගින් වල්ලාපට්ටා ශාකයෙන් ලබා ගත හැකි ආර්ථික වාසි ගැනත් දැනුවත් කිරීමටය. …

බටහිර වෛද්‍ය ක්‍රමය තුලින් මෙවැනි විෂයන් හඳුන්වා දීමට බොහෝ කාලයකට පෙරදී තමයි ආයුර්වේදයේ ඖෂධ පිළිබඳ විද්‍යාව සහ ඖෂධ නිශ්පාදනය පිළිබඳ විද්‍යා විෂයන් හඳුන්වා දී තියෙන්නේ. භෛෂජ්‍ය කල්පනා කියන විෂය හුදකලා විෂයයක් නොවෙයි, ද්‍රව්‍ය පිළිබඳ ප්‍රධාන න්‍යායයන් සහ මුලධර්ම ඇතුලත් ද්‍රව්‍යගුණ විඥාන කියන පුළුල් විෂයයෙන් පෝෂිත විෂයයක් ලෙසයි වර්ධනය වී තියෙන්නේ. එහි වැදගත්කම වන්නේ ආයුර්වේදය ඖෂධීය ද්‍රව්‍ය වෙන වෙනම ප්‍රතිකාර සඳහා යොදා ගන්නවට වඩා ඒ ඒ ද්‍රව්‍යයන්ගේ රස ගුණ වීර්යය විපාක සහ ප්‍රභාව කියන විවිධ ශක්තීන් අනූව නිශ්චිත පදනමක් යටතේ සකස් කල ඖෂධ සංයෝග යොදා ගැනීමට අවස්ථාව ලැබීමයි. විවිධ රෝග සම්බන්ධයෙන් අදාල අවස්ථාවන්ට ගැලපෙන ඖෂධීය ද්‍රව්‍ය කිහිපයක් හෝ රාශියක් එකතු කර පැහැදිලි න්‍යායාත්මක පදනමක සිට නිශ්පාදනය කල ඖෂධ සකස් කිරීමට හැකියාව මෙමගින් ලැබී තියෙනවා. …

බුලත් කෑමට ආසියාතිකයින් වැඩි නැඹුරුවක් දක්වා ඇත්තේ හුදු පුරුද්දක් වශයෙන් සලකා පමණක් නොව එහි අන්තර්ගත විශිෂ්ඨ ඖෂධීය ගුණ නිසාවෙන්ද යන මතය පහසුවෙන් බැහැර කල නොහැක. සෞභාග්‍යයේ සංඛේතය ලෙසින් සැලකෙන බුලත් මිනිසාට අහිතකර ශාකයක් නොව මිනිසාට වචනයේ අර්ථයෙන්ම හිතකර ඖෂධීය ශාකයක් බව සැලකීමට කාළය නැවත පැමිණ තිබේ. …

Musk යන ඉංග්‍රීසි නාමයෙන්ද මෘගනාභි, මෘගමද, සහස්රහිත්, කස්තුරිකා සහ වේදමුඛ්යා වැනි සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හඳුනා ගැනෙනා කස්තුරි, Moschus moschiferus නම්වූ සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුව විශේෂයක ශරීරයේ නිපදවන බහිස්රාවී පදාර්ථයක් වන්නේයැයි සරලව පැවසිය හැක. රුසියාව, චීනය, මධ්‍යම ආසියාව, ටිබෙටය, නේපාලය, භූතානය, ඉන්දීයාව වැනිවු රටවලට අයත් මුහුදු මට්ටමෙන් අඩි 8000 කට වඩා වැඩි උසක පිහිටි කඳු බෑවුම් වාසභූමි කරගත් මෙම මුව විශේෂය කස්තුරි මුවා (Musk deer) යන නමින් හඳුන්වන්නේ මේ සුවිශේෂි බහිස්‍රාවි නිශ්පාදනය නිසාවෙනි. …
ද්‍රව්‍ය ගුණ විඥානය විෂය ආයුර්වේදීය ප්‍රතිකාරයේදී අත්‍යාවශ්‍යයෙන්ම ප්රගුණකර තිබිය යුතු විෂය ක්ෂේත්රයකි. ආයුර්වේදය ගැන ගැඹුරෙන් හදාරන්නන් හටද මෙම විෂය පිළිබදව ප්‍රාමාණීක දැනුමක් තිබීම ආයුර්වේදිය ඖෂධ පිළිබදව කරුණූ අවබෝධ කර ගැනීමට උපකාර වේ. ආයුර්වේද ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන සියළුම ඖෂධයන් …
ආයුර්වේද ඖෂධීය චිකිත්සාවේදී භාවිතයට ගනු ලබන සියළුම ද්‍රව්‍ය උද්භිද, පාර්ථීව සහ ජාන්තව යනුවෙන් ඛාණ්ඩ තුනකට බෙදා දක්වා ඇති අතර ඒ සෑම ද්‍රව්‍යයකම රස, ගුණ, වීර්යය, විපාක සහ ප්‍රභාව යන ගුණාංග විවිධ ආකාර වලින්, විවිධ ප්‍රමාණ වලින් සහ විවිධ සංයෝජන වලින් අන්තර්ගත වී ඇත. ඕනෑම ද්‍රව්‍යයක් සතු ඖෂධීය ගුණ ගණනය කිරීමේදී සැළකිලිමත් විය යුතු ගුරු කොට ගත යුතු සංකල්පයන් ආයුර්වේදයේ දක්වා ඇත. එනිසා දේව භාෂිතයක් සේ පිළි නොගෙන ස්වබුද්ධියෙන් ද්‍රව්‍යයන් සතු ගුණ විමසා බලා සුදුසු පරිදි රෝග ප්‍රතිකාරයේදී එම ද්‍රව්‍ය සංයෝජනය කර ගැනීමට හැකියාව ආයුර්වේද වෛද්‍යවරයාට ලැබී ඇත්තේය. එසේ හෙයින් ද්‍රව්‍ය ගුණ විඥානය යන විෂය මනාව දැන ගත යුත්තේය. නූතන තාක්ෂනයෙන් සිදුකරන සියුම් විශ්ලේෂණයන් නොතිබුණු එදා යුගයේදී පවා ආයුර්වේද වෛද්‍යකර්මය තුල ද්‍රව්‍යයන් සතු සුවිශේෂි ගුණාංග සහ ශක්තීන් විශ්ලේෂණය කර තිබීම පුදුම එලවන සුළුය. එම විශ්ලේෂණයන්හි නිරවද්‍යභාවය නවීන තාක්ෂණික ක්‍රම වලින් සිදුකරන ලද පරීක්ෂණයන්ගෙන්ද එලෙසම තහවුරු වීම ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානයේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි කරන්නකි. එම ද්‍රව්‍යගුණ විඥානය කියැවිමම බුද්ධිමය සංවාදයකි. මනස අවධි කරන්නකි. තර්කන ශක්තිය දියුණු කරන්නකි.