
මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891(අඩි 6200) ක මට්ටමේ පිහිටා ඇති මෙම සුවිශේෂි ඔසු උයන ඉහල කඳුකර වනාන්තර කළාපයට ආවේනික ඖෂධ පැලෑටි මෙන්ම ඉන්දියාවේ හිමාලය වැනි කඳුකර වනාන්තර වල පමණක් දැක ගත හැකි දුර්ලභ ඖෂධ වර්ගද ආදර්ශක වලින්ද පොහොසත්ය. හුදු නිරික්ෂණයට පමණක් සීමා නොකොට අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇති ආකාරයට මෙම ඔසු උයන සැකසීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙම ඔසු උයන වටිනා සහ දුර්ලභ ඖෂධ පැලෑටි පිළිබඳව අධ්‍යයයන කටයුතු සිදුකරනා වෛද්‍යවරුන්ට, පර්යේෂකයන්ට පමණක් නොව ස්වභාව සෞන්දර්ය ආශ්වාදනය කිරීමට කැමති ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත්වන්නේ එබැවිනි …

2012 රෝහල් වාර්ථා අනූව රෝහල් වල සිදුව ඇති සමස්ථ මරණ වලින් 75% වාර්තා වි ඇත්තේ බො නොවෙන රොග හේතුවෙනි. එයට 40% හෘද් රෝගත්, 10% ක් පිළිකා රෝගත්, 8% කාලීන ශ්වසන රෝගත්, 7%ක් දියවැඩියාව රෝගයත් හේතුවි ඇති බව සමික්ෂණ තුලින් තහවුරු කර ගෙන ඇත. වඩාත් බියකරුම සිහිනය වන්නේ 2030 වසර වන විට පිළිකා රෝගය හේතුවෙන් මියයන ප්‍රමාණය 30% දක්වා වැඩි විය හැකි බව පුරෝකථනය කර තිබීමයි. එසේම 2030 වසර වන විට මෙරට සමස්ථ ජනගහනයෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම දියවැඩියාව වැළඳිමේ හැකියාව පවතින බව එම පුරෝකථන වාර්ථා වලම දක්වා ඇත. …

මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උදෑසනට විලුඹ බිම තැබීමට නොහැකි වන තරමේ අධික වේදනාවක් ඇතිවීමයි. රෝගීන් පවසන්නේ යටිපතුලේ අභ්‍යන්තරයට ඉඳිකටු වලින් අනින්නාක් බඳු දැනීමක් ඇති වන බවයි. මෙම රෝග තත්ත්වයෙන් පිඩා විදින අයවලුන් සියල්ලෝම උදැසනට අවදිවු පසු ඇඳෙන් බැස තම පළමු පියවර කිහිපය තබන්නේ ඇඳ විට්ටම අල්ලාගෙන හෝ නැතිනම් බිත්තිය අල්ලාගෙන හෝ නැතිනම් කොර ගසමින්ය. ආරම්භයේදී එසේ අපහසුවෙන් හෝ පියවර කිහිපයක් ඇවිද ගිය පසුව ඔවුන් පිඩා විදිනා ඇවිදිමේ අපහසුතාවය සහ යටිපතුලේ වේදනාව තාවකාලිකව සමනය වන නමුත් එයට නිසි ප්‍රතිකාරයක් සිදු නොකර සිටිමෙන් කාලයක් ගත වන විට දවස පුරාම ඇවිදිමේ අපහසුව සහ විලුඹ ප්‍රදේශයේ වේදනාව සහ ශෝථය පැවතිමේ අවස්ථාවට පැමිනේ. …

මද්‍යසාර වල ඇති ඇල්කොහොල්, දුම්වැටි වල ඇති නිකොටින් සහ අනෙකුත් බොහෝ මත්ඖෂධ වල අන්තර්ගත රසායනික ද්‍රව්‍යන්ට වඩා සාර්ථකවත් වැඩි ප්‍රසිද්ධියකින් තොරවත් මිනිසාට මරණය ලඟා කර දිමට හැකියාව ඇති වඩා භයානක රසායනික ද්‍රව්‍යක් ලෙස මොනො සොඩියම් ග්ලූටමේට් ( monosodium glutamate (MSG)) හඳුන්වා දිය හැක. මුළුතැන්ගෙයි නිහඬ මරුවා යන විරුදාවලිය මෙයට ලැබී ඇත්තේද එනිසාවෙනි. …

“ප්‍රාණින්ගේ ප්‍රාණය ආහාරයයි. මෙබඳු ආහාරය අයුක්තියෙන්/වැරදි අයුරින් සේවනය කිරීමෙන් ප්‍රාණය නැසේ. ප්‍රාණය පවා ප්‍රහරණය කරන්නාවු වසවිස පවා යුක්ති පෙරටුව ප්‍රයෝග කළ විට රසායන/ජරා ව්යාධිනාශක ව සිටි. ඒ ආකාරයෙන් යුක්ති යුක්ත මද්‍ය පානයෙහි නියැලෙන්නා හට මද්‍යයෙන් උපදනා රෝගයෝ ඇති නොවෙත්.”විධිසේ සුදුසු ප්‍රමාණයට පානය කල මද්‍ය නිසා ඇතිවන මදයේදී තරුණයන්ට හෝ මහල්ලන්ට හෝ උපදනා රතියට උපමා කල හැකි දෙයක් මිහිපිට නැති බව ආයුර්වේදයේ සඳහන්ය. එ අනූව මද්‍ය වල ඇති ප්‍රභලතාව සිතා ගත හැකිය. …

පොළොන්නරු යුගය……. පොළොන්නරුවේ අසහාය පාලකයා වු පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රිව 1154 – 1186) කුඩා කාලයේ දි ඔහුගේ ප්‍රතිවාදියා වු ගජබාහු ගේ තොරතුරු සෙවීම පිණිස චරපුරුෂයන් යෙදවීය. මොවුන් අතර විෂ වෙදකම, රස ක්‍රියාවෙහි (රස – රසදිය, ගෙන්දගම්, වච්චනාවි (ඤාණවිමල හිමි, …

සමාජය තුල තරුණ කණ්ඩායමක් සමඟ සිටින අතරතුර හෝ මානසික ආතතිය මඟ හරවා ගැනීමට කියා ඉඳහිට දුම්පානය කරන තරුණ අය සිටිති. එමෙන්ම නිරතුරුවම දුම්පානය කරන අයද සිටිති. සිගැරට්ටුවක් නොමැතිව පැයක් හෝ ගත කල නොහැකි යැයි පාරම්බාන දුම්පානයට තදින්ම ඇබ්බැහි වු අයද අප සමාජයේ කොතෙකුත් සිටිති. දුම්පානය යනුවෙන් හඳුන්වන්නේ සිගරට්ටුවක් පමණක් නොව සුරුට්ටුවක්, බීඩියක් හෝ දුම්පයිප්පයක් තුල දැවෙන මේ දුම්කොළ වල දුම් උරාබීම හෝ ආඝ්‍රහනය කිරිමයි. මෙයට ඇබ්බැහි වීම ශාරිරික මෙන්ම මානසිකද රෝගයක් නිසා සිදුවන්නකි. …

භාරතීය ආයුර්වෙදයට සමාන ලක්ෂණ ඇති නමුත් ඉන් බැහැර වු දේශීය චිකිත්සාව ලෙස අදහස් කරනුයේ ශ්‍රී ලංකාවේදී ම ප්රභවය වී විකාශනය වුවකි. මෙම ආයුර්වෙදය හිමවතෙහි පැවති සෘෂී සම්මේලනයෙන් පසුව ආරම්භ වු බව සඳහන් වේ. එහෙත් ලංකායුර්වේදය හෙවත් දේශීය චිකිත්සාවේ ආරම්භය කොතැනකදැයි කිව නොහැකි තරම්ය. සෘෂි සම්මේලනයට ශ්‍රී ලංකාවේ සිට ත්‍රිවේද පරප්රාප්ත පුලස්ථී සෘෂිවරයා සහභාගි වූ නිසාවෙන් ඒ වන විටත් ශ්‍රී ලංකාවේ දේශීය චිකිත්සා ක්‍රමයක් තිබු බව ප්රත්යක්ෂ වේ. …
වෛද්‍ය ක්‍රමයක් ලෙසත් දර්ශනයක් ලෙසත් ගත් කල ආයුර්වේදය යනු විශාල ක්ෂේත්‍ර ගණනාවක් එකතු වි ඇති මහා දැනුම් ගබඩාවක් යැයි කිව හැක. ආයුර්වේදය යනු මෙපමණකැයි කියා සිමා කලද නොහැක. දිනෙන් දින අළුත් වන ලොකය තුල ආයුර්වේදයද එම පරිවර්තනයන්ට සරිලන ලෙස තම සංකල්ප හා න්‍යායයන් ඉදිරිපත් කල යුතුය. එසේම සමාජීය තත්ත්වයන්ට උචිත වන ලෙස ආයුර්වේදය නිර්මාණාත්මක සහ ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකි අයුරු පෙන්වා දිය යුතුය. ඒ සදහා මනාවුත් හසලවූත් ආයුර්වේද පරිකල්පන ශක්තියක් සැමටම තිබිය යුතුය. විමර්ශන වෙන් වන්නේ ඒ වෙනුවෙනි.