සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් හිසකෙස් ගැලවී යනවා. ඒක ස්වාභාවිකයි.එවැනි තත්ත්වයකට කියන්නේ අකලට හිසකෙස් වැටීම කියලා නෙමෙයි. ආයුර්වේදයේ සදහන් වෙනවා ‘අකාල පාලිත්‍යය’ කියලා තත්ත්වයක්. ඒකෙදි නම් වෙන්නේ අස්වාභාවික ලෙස බහුල ලෙස හිසකෙස් ගැලවෙන එකයි.ඒක තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට තමයි. එහෙම නැතිනම් ජානමය හේතුන් නිසාත් තරුණ වයසේදීම හිසකෙස් යාම හෝ තට්ටය පෑදීම වෙන්න පුළුවන්.
ශරීරයේ උෂ්ණ ස්වභාවයක් ගන්නවානම් හිස කෙස් වැටීම වැඩියෙන් වෙන්න පුළුවන්. ඒනිසා සිරුර සිසිල් කරණ ඖෂධ හා ආහාර වර්ග වලට පුරුදු වෙන්න. හිස සිසිල් කරන තෙලක් හිසට දැමීමට පුරුදු වෙන්න.
ඖෂධ හා තෙල් වර්ග තීරණය කිරීම සදහා රෝගීයා පරික්ෂා කරන්න අවශ්‍යයි. ඔබට නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයට ගියෝත් අකාල පාලිත්‍යය සායනයෙන්ම ප්‍රතිකාර ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඒ තොරතුරු අපට සපයා දෙන්න පුළුවන්.
ස්තූතියි!
Questions
Related Links
Consultants
Subscribe with WEDASA
Q. අකලට හිසකෙස් ගැලවී යනවාට කරන්නේ මොනවාද? -යසස් - 2012/06/21
“
...
ගැටළුවක් ඇතිවන්නේ යම් මොහොතකද වහාම එම ගැටළුවට පිළිතුරුද සොයා ගැනීමට උත්සහ කිරීම පරිපූර්ණ අවබෝධයකට අත්‍යාවශ්‍යය. නිවැරදි හා පරිපූර්ණ අවබෝධයකට ගැටළුකාරි, සැකමුසු තැන් සහිත දැනුම බාධාවකි. අපගේ කැමැත්ත වන්නේද අපගේ පාඨකයින් ගැටළු හෝ සැකමුසු තැන් වලින් මිදුණු උගත් බුද්ධිමත් පාඨකයන් විමයි. විචාරශිලී තැනැත්තාට බොහෝ දේ පහසුවෙන්ම තේරුම් ගැනිමේ හැකියාව ලැබේ. විශේෂයෙන් මිනිසාගේ ජීවිතයට සෘජුවම බලපාන සෞඛ්‍යය වැනි විෂයයක් සම්බන්ධයෙන් ගත් විට මොට වු අඩුපාඩු සහිත දැනුම අත්කර දෙන්නේ යහපත් ප්‍රතිඵලයක් නම් නොවේ. එ නිසා අප ඔබට ආරාධනා කරන්නේ ඔබට ඇතිවන ඕනෑම ගැටළුකාරී අවස්ථාවක අප හා සම්බන්ධ වි එම ගැටළු වලට නිවැරදි විසදුම ලබා ගන්නා ලෙසයි. මේ පිටුව වෙන් වන්නේ ඒ සදහායි.
( පෞද්ගලිකව පිළිතුරු අපේක්ෂා කරන ගැටළු සදහා හැර අනෙන් සියළුම ගැටළු සදහා පිළිතුරු මෙහි පළකරන්නේ වැඩි දෙනකු එයින් දැනුවත් වන බැවිනි.)...”